Telegram Web Link
Stories බලන්න hidden mode එකක්

Android සඳහා වන telegram beta යෙදුමේ, ඔයා යම් story එකක් බලපු බවට, අදාළ story ය පළ කරපු කෙනාගෙන් සැඟවීමට හැකියාවක් තියෙනව.

මේ "invisible mode" එක ක්‍රියාත්මක කළාට පස්සෙ, story ය පළ කරපු කෙනාට, එයාගෙ ඒ story ය බලපු අයව පෙන්වන view list එකේ, ඔයා ගැන සඳහන් වෙන්නෑ. මේ mode එක, ඊළඟ මිනිත්තු 5කට හෝ 25කට වලංගු වෙන්න ක්‍රියාත්මක කරන්න පුලුවන්.

"Hidden mode" එක සඳහා වන timer එක පෙන්වන්නෙ, යම් story කට ප්‍රතිචාර දක්වනකොට ඒ එන reply තීරුව තුළයි.

කොහොම උනත්, ඔයා තීරණය කළොත් ඒ story යට reaction එකක් හෝ reply එකක් යවන්න, ඒ story ය බලපු අයව පෙන්වන view list එක තුළ, ඔයාගෙ profile එකත් ඒ අදාළ කෙනාට පෙන්වනව.

(දැනට පවතින දත්ත අනුව මෙය premium සාමාජිකයන්ට පමණක් හිමිවෙන පහසුකමකි)

#Android
යම් නිශ්චිත පරිශීලකයෙක්ගෙන්, ඔයාගෙ Stories සැඟවීමට විකල්පයක්

Android සඳහා වන telegram beta යෙදුමේ, ඔයා යම් story එකක් පොදුවේ (everyone විදිහට) පළ කරනකොට, ඒ story එක සැඟවීමට අවශ්‍ය අයව අඩංගු, 'exception list' එකක් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනව.

#Android
Stories බැලීම සීමා කිරීම

Android සඳහා වන telegram beta යෙදුමේ, ඔයාට දැන් පුලුවන් ඔයාගෙ Stories නොබැලිය යුතු අයව තෝරගන්න. ඒ අය, යම් නියමිත ප්‍රවේශ මට්ටමකට අදාල උනත්, එයාලට ඔයාගෙ Stories බලන එක සීමා කරන්න පුලුවන්.

මේකෙන් අදහස් කරන්නෙ, ඒ අදාළ පුද්ගලයා, ඔයාගෙ Stories වලට යොදන පොදු ප්‍රවේශ මට්ටම් ("Everyone" , "My Contacts" , "Close Friends" , Selected Contact" යනාදී) වලට ඇතුළත් උනත්, ඒ පුද්ගලයව "Hide my stories from" කියන exclusion list එකට ඇතුළත් කලොත් ඔහුට/ඇයට ඔයාගෙ Stories බලන්න පුලුවන් කමක් ලැබෙන්නෑ.

#Android
Story view කරපු අයගේ list එක කළමනාකරණය කිරීම

Android සඳහා වන telegram beta යෙදුමේ, ඔයාගෙ Stories බලපු අය පෙන්වන view list එකේ වැඩිදියුණු කිරීමක් හඳුන්වල දීල තියෙනව.

මේ ලිස්ට් එකේ, ඔයාගෙ Stories බලපු අයගෙ සංඛ්‍යාව 20ක් උනොත්, users ලව හොයාගන්න පහසු වෙන search bar එකක් ඔයාට ලබාදෙනව වගේම, list එක කොටස් දෙකකට බෙදෙනව "All viewers" සහ "Contacts" කියල. (2 රූපය)

ඒ වගේම, ඔයාගෙ story යට ලැබුන quick reactions ප්‍රමාණය 5ක් උනාට පස්සෙ, මේ view list එක, ඔයාට ඔවුන්ගෙන් reaction ලැබුණ අනුපිළිවෙළට (latest) සහ "last views" ආකාරයට සකසන්න හැකියාවක් තියෙනව. (3 රූපය)

ඊට අමතරව, නිශ්චිත කෙනෙක් ඔයාගෙ story ය බලන එක වළක්වන්න අවශ්‍ය නම් හෝ එයාව block කරන්න අවශ්‍ය නම්, ඔයාට ඒකත් සිදු කරන්න පුලුවන්. (අදාළ පුද්ගලය ඔයාගෙ contact list එකේ ඉන්න කෙනෙක් නං, එයාව ඔයාගෙ contact list එකෙන් ඉවත් කරන්න විමසනවා)

ඒ සඳහා ඔයාගෙ view list එකේ අදාළ පුද්ගලයගෙ profile එක ඔබාගෙන ඉඳියම එන menu එකෙන්, අදාළ option එක තෝරගන්න. (1 රූපය)

#Android
වැඩිදියුණු කළ Story Editing විශේෂාංගය

Android සඳහා වන telegram beta යෙදුමේ, ඔයා පළ කරපු යම් story යක් edit කරනකොට, ඒ story එකේ caption text එක වෙනස් කිරීම, එකතු කරපු stickers, photos සහ අනෙකුත් අංගයන්, තියෙන තැන වෙනස් කිරීම සිදු කරන්න පුලුවන්.

මීට කලින්, story යකට එකතු කරපු අනෙකුත් අංග (caption එක හැර) edit කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ - ඒවට උඩින් තවත් අංග එකතු කරන්න විතරයි හැකියාවක් තිබ්බෙ.

#Android
Stories දිස්විය යුතු කාලසීමාව තෝරාගැනීම

Android සඳහා වන telegram beta යෙදුම තුළ, premium සාමාජිකයන්ට, story යක් දිස්විය යුතු කාලය (display duration) වෙනස් කරන්න හැකියාවක් තියෙනව. - ඒ, එම story ය පළ කරල පැය 6ක්, 12ක් හෝ 48ක් යනාදී විදිහටයි.

#Android
Android_Beta_Version_10.0.9_(38719).apk
69.6 MB
Android සඳහා වන, Telegram හි බීටා 10.0.9 (38719) අනුවාදය

Link on AppCenter

#Android #apk
Android_Beta_Version_10.0.9_(38749).apk
69.6 MB
Android සඳහා වන, Telegram හි බීටා 10.0.9 (38749) අනුවාදය

Changelog:
- fix sticker/text position after crop 😖

Link on AppCenter

#Android #apk
Android_Beta_Version_10.2.9_(40879).apk
68.8 MB
Android සඳහා Telegram හි බීටා 10.2.9 (40879) අනුවාදය

Download from AppCenter

#Android #apk
Android_Beta_Version_10.11.1_(46629).apk
72.3 MB
Android සදහා Telegram Beta 10.11.1 (46629)

වෙනස්කම්:
- වීඩියෝ ස්ටිකර් නිර්මාණයේදී අකුරුවල දිශාව වෙනස් වීම නිවැරදි කර ඇත
- බිඳ වැටීම් නිවැරදි කර ඇත


AppCenter වෙතින් බාගත කරගන්න

#Android #apk
Message Forward කරන විට Profile Pictureය

Telegram හි Android සඳහා වන බීටා අනුවාදයේ, මුල් පණිවිඩයේ කර්තෘ වූ පරිශීලකයාගේ හෝ නාලිකාවේ Profile Picture එක දැන් forword කළ පණිවිඩයේ Text පෙලට ඉහළින් දර්ශනය වේ.

පරිශීලකයෙකු තම පණිවිඩ forward කිරීම අක්‍රිය කර ඇත්නම්, මුල් පණිවිඩයේ thumbnail එක පරිශීලකයාගේ නමට යාබදව නොපෙන්වයි.

#Android
ස්ථිර Live Location

Telegram හි Android සඳහා වන බීටා අනුවාදය තුළ, ඔබ එය නවත්වන තෙක් ඔබගේ වත්මන් location එක share කරගැනීමට සැකසීමට දැන් හැකියාව ඇත.

මෙය සිදු කිරීම සඳහා, ඔබගේ location share කරගැනීමේදී "Until I turn it off" විකල්පය තෝරන්න. මෙම අවස්ථාවේදී, ඔබේ ස්ථානය විකාශනය කිරීම නැවැත්වීමට ඔබට location share කරගැනීම අතින් අක්‍රිය කිරීමට අවශ්‍ය වනු ඇත.

දැනට, වළක්වන තුරු share කරගන්නා location share කරගැනීම සමඟ පණිවිඩ යැවීම server පැත්තෙන් disable කර ඇත.

#Android
2025/10/22 21:30:07
Back to Top
HTML Embed Code: